අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

අණුක ජීව විද්‍යාත්මක සිද්ධාන්ත (Theory) හා යෙදීම් (Applications) ක්‍රමාණුකූලව අධ්‍යනය කිරීමටත්, සරල රූප සටහන් ආධාරයෙන් මතක තබා ගැනීමටත් හැකි වන අයුරින් මෙම පොත සකසා ඇත.

About the Book

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ හත්වන ඒකකයට සමගාමීව පෙළ ගස්වා ඇති මෙම පොත, ප්‍රධාන පරිච්ජේද හතරකින් සමන්විත වේ. මෙහි පළවන පරිච්ජේද තුන මගින් අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්‍ෂණයට අදාල සිද්ධාන්ත හා ක්‍රමවේද ආවරණය කරන අතර හතරවන පරිච්ජේදය ප්‍රවේණිකව විකරණය කළ ජීවීන් (Genetically Modified Organisms) පිළිබඳ අවධානය යොමු කරයි.

This book is For

A/L Students

අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ හත්වන ඒකකය අළලා කරන ලද පාසැල් වැඩමුළු වලදී සිසුන් මෙන්ම ගුරු මහත්ම මහත්මීන් ද මතු කරන ලද පොදු ගැටලු කිහිපයක් විය. එම ගැටලු වලට විසදුම් සෙවීමේ අරමුණින් මෙම පොත ලිවීමේදී ගත් පියවර පහත දක්වා ඇති අතර, එමගින් එම ගැටළු වලට පිළිතුරු ලැබෙන බව මාගේ විශ්වාසයයි.

  • විෂයයට අදාල ව්‍යුහමය හෝ කෘත්‍යමය සංකල්ප පැහැදිලි කිරීමේදී එය සරල මට්ටමින් ආරම්භ කර සංකීර්ණත්වය වැඩි වන අයුරින් ගොඩ නැගීමට උත්සාහ දරා ඇත. උදාහරණ ලෙස න්‍යෂ්ටික අම්ලවල ව්‍යුහය ඉදිරිපත් කිරීමේදී එය, ඒක අවයවිකයා වන නියුක්ලියෝටයිඩයෙන් ආරම්භ කර වර්ණදේහ දක්වා විහිදෙන ආකාරය ක්‍රමාණුකූලව පෙන්වා දෙයි.
  • විශේෂයෙන්ම ප්‍රතිසංයෝජිත DNA තාක්‍ෂණයට අදාල ක්‍රමවේද ප්‍රායෝගිකව භාවිතයේ දී එකිනෙකට සම්බන්ධ කර යොදා ගනු ලැබේ. මෙය ඉස්මතු වන අන්දමින් එක් ක්‍රමයකින් තවත් ක්‍රම වේදයකට මාරු වීමේදී ඒ අතර ඇති සම්බන්ධතාව පෙන්වා දෙනු ලැබේ.
  • අණුක මට්ටමින් සිදුවන සංකීර්ණ ක්‍රියාදාම අවබෝධකර ගැනීමට යොදා ගත හැකි ආධාරකයක් නම් සරල රූප සටහන්ය. මෙහි ඇති සෑම රූප සටහනක්ම අවශ්‍ය අංග පමණක් ඇතුළත් කොට ඉතා සරල ආකාරයෙන් නිරූපණය කිරීමට උත්සාහ දරා ඇත.

University Students

විශේෂයෙන්ම මෙම ඒකකය අ.පො.ස උ.පෙළ දී ගැඹුරින් අධ්‍යනය කිරීමට ඉඩ නොලැඹුනු විශ්ව විද්‍යාල සිසුන්ට මෙය මහගු අත්වැලක් වනු ඇත. ඔබේ විෂය ධාරාවට අදාල කොටස් මෙම ග්‍රන්ථයෙන් තෝරාගෙන අධ්‍යනය කිරීමෙන් ගැඹුරු සංකල්ප අවබෝධ කරගැනීමට අඩිතාලම වැටෙනු ඇති බව මාගේ විශ්වාසයයි.

Teachers

මෙම විෂය ඒකකය සාපේක්ෂව නූතන සොයා ගැනීම් මත පදනම්ව ඇති බැවින් ඊට අදාල ප්‍රායෝගික පරීක්ෂණ කිරීමේ අවස්ථාව ශිෂ්‍යයන්ට පමණක් නොව ගුරුවරුන්ට ද නොලැබී යා හැක. මෙම පොත ලිවීමේදී ඉහත කරුණ ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගන්නා ලද අතර ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරයාටත් අවබෝධයකින් යුතුව සටහන් සකස් කර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇත.

Others

මෙම පොතෙහි අඩංගු සංකල්ප හා ක්‍රමවේද සෑම ක්ෂේත්‍රයකම පවා මේ වන විට යොදාගනිමින් පවතියි. මේ හේතුව නිසා අ.පො.ස උසස් පෙළ සිසුන් හා ගුරුවරුන්ට අමතරව මේ විෂය පිළිබද උනන්දුවක් හා කුතුහලයක් දක්වන වෛද්‍යවරුන්, නීතීඥයින් වැනි ඕනෑම කෙනෙකුට මෙය භාවිතා කල හැකියි.

Dr. Priyanga Wijesinghe

Senior Lecturer at University of Peradeniya

About the Author

ආචාර්ය ප්‍රියංග විජේසිංහ B.Sc. ගෞරව උපාධිය ප්‍රථම පෙළ සාමාර්ථයක් සහිතව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත. ඉන් පසු ආචාර්ය උපාධිය (Ph.D.) ඇමරිකා එක්සත් ජනපදයේ Wayne State විශ්ව විද්‍යාලයෙන් ද ඉක්බිති පශ්චාත් උපාධිය (Post dotoral fellowship) Barbara Ann Karmanos Cancer Institute හිදීත් සම්පූර්ණ කර ඇත. කැළණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ ඔහු වර්ථමානයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ, උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරයි. ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම ඉගැන්වීමේ දායකත්වයන්ද කිහිප වතාවක්ම සම්මානයට පාත්‍ර වී ඇත.

PhD - Wayne State University - USA (2012)

BSc - University of Peradeniya - Sri Lanka (2003)

Model Questions

Chapters of the Book

Chapter 01

ප්‍රවේණික ද්‍රව්‍ය වල ව්‍යුහය

Structure of the genetic material

Chapter 02

ප්‍රවේණික ද්‍රව්‍ය වල කෘත්‍යය

Functions of the genetic material

Chapter 03

ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

Recombinant DNA Technology

Chapter 04

ප්‍රවේණිකව විකරණය කරන ලද ජීවීන්

Genetically Modified Organisms - GMO

Buy Now

 මෙම පොත මිලදී ගැනීමට
  • දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් වලින් හෝ
  • මහනුවර සුධර්මාරාමයේදී (විමසීම් ප්‍රේමචන්ද්‍ර 077 84 70 382)
දැන් මිලදී ගත හැක.
 තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට

මෙම පොත තැපැල් මගින් නිවසටම ගෙන්වා ගැනීමට,

  1. ගිණුම් අංක 85293985 (W.R.P. Wijesinghe, Bank of Ceylon, Peradeniya Branch) දරන ලංකා බැංකුවේ ගිණුමට රු. 600/= ක මුදලක් (පොත රු. 450/=, Bubble Wrap රු. 50/= & ලියාපදිංචි තැපැල් ගාස්තු රු. 100/=) තැන්පත් කරන්න.
  2. බැංකුවෙන් ලබාදෙන තැන්පතු පත්‍රිකාවේ පිටපතේ ජායාරූපයක් 070-53-00-871 යන දුරකථන අංකයට WhatsApp හෝ Viber මාර්ගයෙන් ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය සමග අපට එවන්න.
 කුරියර් මාර්ගයෙන් ගෙන්වා ගැනීමට

මෙම පොත කුරියර් මගින් නිවසටම ගෙන්වා ගැනීමට,

  1. ගිණුම් අංක 85293985 (W.R.P. Wijesinghe, Bank of Ceylon, Peradeniya Branch) දරන ලංකා බැංකුවේ ගිණුමට රු. 750/= ක මුදලක් (පොත රු. 450/=, කුරියර් ගාස්තු රු. 300/=) තැන්පත් කරන්න.
  2. බැංකුවෙන් ලබාදෙන තැන්පතු පත්‍රිකාවේ පිටපතේ ජායාරූපයක් 070-53-00-871 යන දුරකථන අංකයට WhatsApp හෝ Viber මාර්ගයෙන් ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය සමග අපට එවන්න.

පොත ලැබීමෙන් පසුව කුරියර් ගාස්තු ගෙවන්නේ නම්,

  1. ගිණුම් අංක 85293985 (W.R.P. Wijesinghe, Bank of Ceylon, Peradeniya Branch) දරන ලංකා බැංකුවේ ගිණුමට රු. 450/= ක මුදලක් තැන්පත් කරන්න.
  2. බැංකුවෙන් ලබාදෙන තැන්පතු පත්‍රිකාවේ පිටපතේ ජායාරූපයක් 070-53-00-871 යන දුරකථන අංකයට WhatsApp හෝ Viber මාර්ගයෙන් ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය සමග අපට එවන්න.